Sunday, October 17, 2010

පොඩි එකී

පරණ බොසා මාව පිලිගත්තෙ කට කණට යවාගෙන.

අවුරුදු ගාණක්ම මිනිහව හොඳට පෝසත් කලානෙ මම.

පොරගෙ නෝන දරු‍වත් වඩාගෙන ප්‍රාදුර්භූත වුණා. පොඩි එකී ඉපදුනා කියල බොසා කලින් දවසක වැඩක් අහගන්න කතාකරපු වෙලේ කියපු වෙලාවෙ ඉඳන් මම පරණ කාර්යාලයට ඔළුව දාන්නයි හිටියේ. පොර කාලයක් තිස්සෙ දරුවෙක් හදන්න ගේමක් දීල කසාදෙන් අවුරුදු ගාණකට පස්සෙ ඉපදුණ පොඩි එකියක්...

මම මිස්ගෙ අතේ හිටපු පොඩි එකී දිහා බැලුව.

මිස් වට පිට බලල පොඩ්ඩිට අන්දවල තිබුණ ගවුම සීරුවට කරෙන් පන්නල හෙමින් මිමිණුව.

“අනුෂ්ක මේක බලන්න...”

........

මම හිටියෙ කමි‍සෙ ගලවගෙන පපුව දිහා කණ්නාඩියකින් බලාගෙන. මෙච්චර කාලෙකට මම මගේ පපුවෙ පැත්තක තියෙන උපන් ලපය දිහා සැලකිල්ලෙන් බැලුවෙ නෑ...

ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

17 comments:

  1. මල සේක!;)
    අපූරු කතාව..

    ReplyDelete
  2. අප්පටසිරි
    හික්z හික්z ලස්සනට ලියලා
    නියමයි සහෝ

    ReplyDelete
  3. මගේ දෙවියනේ... මට මේක තේරුනේ ටිකක් වෙලා ගියාට පස්සේ

    ReplyDelete
  4. හෙහ්..හෙහ්...මාර ජල්ටෝන් එකනේ...

    ReplyDelete
  5. බොසාටත් කෙලියා නේද? :D . අන්තිම පේලිය කියවනකල්ම කතාවෙ අවසානය ගැන පො‍ඩි ඉඟියක්වත් දීල නැහැ. නියමෙට ලියල තියෙනවා.

    ReplyDelete
  6. හුටාස්...! එහෙමත් එකක් තියනවාද? මං දැකලා නැහැ නේ... :පී

    නෑ නෑ විහිළු නෙවෙයි කතාව නම් ඇත්තටම මරු.. අන්තිමට වාක්‍යය‍ දෙකෙන් මුළු කතාවම නිර්මාණය කරලා නිමා කිරීම නම් මරු..!

    ReplyDelete
  7. මේක මම කලින් කෙටි කතාවකට ලියපු එකක ෂෝට් වර්ෂන් එක. මේක ඇත්තට නොවුණත් මගේ එක බොස් කෙනෙක්ගෙ වයිෆ් වෙනුවෙන් මට දැණුනු හැඟීම් ටික ‍තමයි එය කතාවක් වුණේ ඒ දවස්වල... ටිකක් ඔල්මොරොන්දම් නේද?

    ReplyDelete
  8. හික්z හික්z ලස්සනට ලියලා
    නියමයි සහෝ

    ReplyDelete
  9. ෂා...නියමයි. මට නං නැගලා යන්නෙ එකම වැරදි වචනයක්වත් යොදා නොගෙන අසම්මත කතාවක් මෙච්චර කෙටියෙන් කියලා තියෙන ආකාරයයි. මචෝ ඩී.එච් ලෝරන්ස් උඹලෑ මහප්පා වත්ද? හී...හී

    ReplyDelete
  10. කියන්න තියෙන්නේ එකම වචනයයි ඵස්ඨ..!

    ReplyDelete
  11. මම ඩීම් වෙලා ගියා අනුෂ්ක මේක බලන්න කිවම :P

    ReplyDelete
  12. කස්ටියටම ඉත්තූතියි අදහසක් දක්වල ගියාට :D

    ReplyDelete
  13. ෂා.... මහ දිග කතාවක් කෙටියෙන්
    බොහෝම ලස්සනයි

    ReplyDelete
  14. කියල වැඩක් නෑ..මාරයි

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...