Friday, September 17, 2010

ජීවිතේ සුන්දරද මෙතරම්...

ම්හ්... මෙතරම් සුවයක්...
හොර කෙල්ල...
වෙනදට මූන ලං කරද්දිත් ලැජ්ජාවෙන් ඇඹරෙන මගේ කෙල්ල කොහෙන්ද මෙහෙම ප්රංකශ හාදු දෙන්ට ඉගෙන ගත්තෙ ඈ...
ඔහ්... මෙච්චර උණුසුම් සුසුම් ඔය සීතල නහයෙන්...
ඇස්දෙක අරින්ටත් ලෝබයි මට...
ලෝකය මෙහෙමම මෙතැනම නැවතිලා තියෙනවානම් කොච්චර දෙයක්ද කියලා මට හිතුනා...
ජීවිතේ... සුන්දරද මෙතරම්...
කොහෙන්ද කොහෙන්ද මේ වැස්සක් පාත්වුනේ එක පාරට...
දී දී.... දීයන්ට වල් බල්ලා...
ඈ අම්මාගෙ කටහඬ නේද ඒ...
මල කෙලියයි අම්මා කොහොමද පාර්ක් එකට ආවේ...
එනවා මෙතැන ජරාව බීලා බිලා...
හොරිකඩ බල්ලෝ කට ලෙව කාල නෙවෙයි කටේ රීලා ගියත් ඔච්චරයි...
දොර ඇරගන්ටවත් සිහියක් නෑ...
බල්ලෝ...
වතුර බාල්දිය විසිකරලා ගේ ඇතුලට යන අම්මා කියවනවා හීනෙන් වගෙ ඇහුනා...

ලියා එව්වේ - පුතා (http://dubaiwattakka.blogspot.com/)

6 comments:

  1. සුපිරියටම ලියලා තියෙනවා
    තව ලියන්න bro

    ReplyDelete
  2. සුපිරියටම ලියලා තියෙනවා
    තව ලියන්න bro

    ReplyDelete
  3. හික් හික් හී..... නියමයි පුතේ...

    ReplyDelete
  4. හෙහෙහෙ..
    නියමයිනේ..
    :D

    ReplyDelete
  5. මේක මේ ලුලූ විලේජ් හරියෙදි වෙච්ච එකක්ද ? නෑ වෙන්න බෑ, එතකොට අම්මා දොර අරින්න විදිහක් නෑනෙ....!

    එළ එළ පුතා..!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...