අතීතය අවි අමෝරා විත් හදවතට ඇන සැඟව ගිය දිනයෙක
අවසන් හෝරා කිහිපයේ මම ගලා යන වේදනාවක් ගැන සිහි කරමි. මා හා බැඳී සිටි මා පමණක්
සියල්ල එකවර දන්නා නම් කිහිපයක්ම ඇත. ඒ සියල්ලටම මා නොවනස්ව පෙම් කළ බව දනිමි.
නමුත් මා ඔවුන්ගෙන් ආදරේ ලැබූයේ එක හා සමානව නොවේ. ඉන් එක් ඇත්තියක් ඉතා උච්ච
වූවාය. රූපයෙන් අග නොවුණද ඇය ආදරය කිරීම අතින් මා අබිබවා ගිය තැනැත්තියකි. ඇය අන්
සියල්ලටම වඩා වෙනස් සිනමාමය ප්‍රේමයක් මට තෑගි කළාය. දිනක් ඈ සියක් දෙනා සිටින
තෙමංසලේ මහ වැස්සේ තෙමෙමින් ‘මම
ඔයාට ආදරෙයි’
කෑ ගසා කීවාය. නමුත් මහැර යන්නටද ඈ ගත්තේ අසනි වැස්සක් තරම් කෙටි කාලයකි.
Wednesday, June 10, 2015
Wednesday, June 3, 2015
ILYFIML
ILYFIML හැම sms එකක්ම අවසානෙ ඔයා මට මේ කොටස එව්වා. මුලින්ම එවපු සැරේ මම ඇහුවා,
මොකක්ද මේ අවසානෙට තියෙන්නේ
පුළුවන් නම් කියන්න
මුල් අකුරු තුන නම් I love you ඉතිරි ටික?
ඔය තියෙන්නෙ I love you forever in my life, මම ඔයාට හාමදාමත් මගෙ ජීවිතෙන්ම ආදරෙයි කියලා
ඒ කිව්වා වගේම ඔයා මට ගොඩක් ආදරේ කළා. ඒත් මම ඔයාගෙන් වෙන්වෙලා ගියෙ මලක් ළඟට මොහොතකට ආපු හුළඟක් වගේ. මම ගියපු ඒ පාර වැරදුණා. ඔයාට දීපු දුක දහගුණයකටත් වැඩියෙන් විඳපු මම අද තනිවෙලා.
කුඩෙත් ඉහළගෙන බිම බලාගෙන තනියම යන ඔයා ගාවට දුවගෙන ඇවිත් I love you forever in my life කියලා කියන්න ඇත්නම්...
ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya. blogspot.com)

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.
Thursday, May 21, 2015
අලුත් වැස්සක්
පැය ගාණක් වැටුණු වැස්ස පායලා. මම ජනේලෙ ඇරල එළිය බැලුවා. වැහි වලාකුළු තාමත් අහසෙන් යන්න සූදානමක් නෑ වගේ. වැහි වතුර ගලාගෙන ගිය පාරවල් මිදුලෙ ඇඳිලා. තැනක පුංචි බොර වතුර කඩිත්තක්. තවත් තැනක මතුවුණු පුංචි පුංචි ගල් කැට. තැනින් තැන හුළඟට වැටුණු කොළ. ඒ අතරෙ මිදුලට ඇවිත් ගිය කුරුල්ලෙකුගෙ පා සටහන් ඇඳිලා.
මගෙ හිතත් මේ මිදුල වගේ කියලා මට හිතුණා. අනුරාධි මාව දාල ගිහින් ගොඩක් කල් වුණත් එයාගෙ මතකයන් වලින් තාමත් හිත පිරිලා. තනිවෙන හැම තප්පරේකම ඒ මතකයන් මට ගේන්නෙ දුකක්. කවදා කොහොම මේ දුක්බර මතකයන් හිතෙන් මැකිලා යයිද කියලා මට හිතාගන්න බෑ.
පුංචියට වැටුණු වැහිපොද එකපාරටම මහ වැස්සක් වෙලා වැටුණා.
ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya. blogspot.com)
මගෙ හිතත් මේ මිදුල වගේ කියලා මට හිතුණා. අනුරාධි මාව දාල ගිහින් ගොඩක් කල් වුණත් එයාගෙ මතකයන් වලින් තාමත් හිත පිරිලා. තනිවෙන හැම තප්පරේකම ඒ මතකයන් මට ගේන්නෙ දුකක්. කවදා කොහොම මේ දුක්බර මතකයන් හිතෙන් මැකිලා යයිද කියලා මට හිතාගන්න බෑ.
පුංචියට වැටුණු වැහිපොද එකපාරටම මහ වැස්සක් වෙලා වැටුණා.
ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.
Wednesday, April 8, 2015
ප්‍රථම ප්‍රේමේ
දුමී බබා කාලේ ප්‍රථම ප්‍රේමේ ඇති උනේ මොන්ටිසෝරියේ ඉන්නකොට.....! එයා දමයන්ති........! මුන ගැහුනේ නුගේගොඩ බෝගහ හරියේ තිබ්බ මොන්ටිසෝරියක. පරම පිවිතුරු ආදරයක් ඒක....!
එයාව ඔංචිල්ලාවෙ තියලා තල්ලු කරන්න, කෝම්පිට්ටු හදන්න පොල් කටු හොයන්න, කෝම්පිට්ටු හදනකන් ලඟට වෙලා බාබා බ්ලැක්ශීප් කියන්න වගේ රාජකාරී තමයි දුමීට තිබුනේ.....!
දුමීව වගේම තව බබාලා ගොඩක් එක පාර එක්ක යන්න එන්න පැවරිලා තිබුනේ ආරියවතී ආච්චිට. ආරියවතී ආච්චි එන්නේ ටිකක් පරක්කු වෙලා.
දමයන්තිගේ අම්මා කලින්ම එනවා. ඒ එනකම් දුමී කරන්නේ දමයන්තිගේ අතින් අල්ලගෙන එයත් එක්ක ඔංචිලාව ලඟ බංකුවේ වාඩි වෙලා ඉන්න එක.
ටික දවසකට පස්සෙ මේ සම්බන්දේ දමයන්තිගේ ගෙදරට ආරංච් වෙලා එයාගේ අම්මලා එයාව මොන්ටිසෝරියෙන් අස් කරගෙන ගියා.....!
ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Wednesday, April 1, 2015
රෝස මල
මම මමය. ඔහු කවියෙකිය. අනෙකා විචාරකයෙකි. අප සිටින්නේ රෝස පඳුරක් ළඟය.
මම
රෝස මලක්
කවියා
සඟවා කටු
පෙන්වා තටු
හිනැහෙන
අපූරුව
විචාරකයා
රෝස මල රුදුරු කටු සඟවා සුමුදු පෙති ලොවට පෙන්වා සිටියි. මිනිස් සමාජය තුළද එවැන්නෝ සිටිති. සිත් තුළ ඇති වෛරය කුහකකම වැනි නුගුණ සඟවා ඔවුහු සොඳුරු සිතැත්තන් සේ සිනහවෙති.
මම
රෝස මල කන දළඹුවෙක්
කවියා
පෙන්වුවද බඹරුන්ට තෙදබල
අසරණය නිර්දය දළඹුවෙකු ළඟ
විචාරකයා
රෝස මල සුළඟට වැනී ඹබරුන් සමනලයන්ට තේජස් පෙන්වති. නමුත් නිර්දය දළඹුවෙකු ළඟ එවන් රෝසමලද අසරණය. මිනිස් සමාජයේද රෝස මල වැන්නෝ සිටිති. ඔවුහු අසරණ මිනිසුන් ළඟ තම තෙදබල පෙන්වති. නමුත් තමාටද වඩා බලවතෙකු ළඟදී ඔවුහු අසරණ වෙති.
ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya. blogspot.com)
මම
රෝස මලක්
කවියා
සඟවා කටු
පෙන්වා තටු
හිනැහෙන
අපූරුව
විචාරකයා
රෝස මල රුදුරු කටු සඟවා සුමුදු පෙති ලොවට පෙන්වා සිටියි. මිනිස් සමාජය තුළද එවැන්නෝ සිටිති. සිත් තුළ ඇති වෛරය කුහකකම වැනි නුගුණ සඟවා ඔවුහු සොඳුරු සිතැත්තන් සේ සිනහවෙති.
මම
රෝස මල කන දළඹුවෙක්
කවියා
පෙන්වුවද බඹරුන්ට තෙදබල
අසරණය නිර්දය දළඹුවෙකු ළඟ
විචාරකයා
රෝස මල සුළඟට වැනී ඹබරුන් සමනලයන්ට තේජස් පෙන්වති. නමුත් නිර්දය දළඹුවෙකු ළඟ එවන් රෝසමලද අසරණය. මිනිස් සමාජයේද රෝස මල වැන්නෝ සිටිති. ඔවුහු අසරණ මිනිසුන් ළඟ තම තෙදබල පෙන්වති. නමුත් තමාටද වඩා බලවතෙකු ළඟදී ඔවුහු අසරණ වෙති.
ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.
Subscribe to:
Posts (Atom)