ඔව් මමයි ඒ කෙල්ල
විහිලුවට පද හදපු
පද වලින් පදමට හැදුන
හිත හොද කමට අත පාපු
මෝඩ කෙල්ල
බොරුව ඇත්ත කරන
ඇත්ත බොරු කරන
මුලාවට රැවටුන කෙල්ල
කප්පරකට හීන මවලා
හීන අතරේ පණ අදින
මල් මල් ලෝකේ
ගල් වලින් ගුටි කාපු කෙල්ල
රොන් ගන්න ආපු බබරගේ
විස වැදිලා මැරුනු
විස විසෙන් නැති කරපු
පොළොවේ පෑගෙන කෙල්ල
පාරේ දිගේ ඉබාගාතේ ඇවිදින
ජීවිතයට හුස්ම දෙන්න හිතන්
ගිය පාරෙ අතරමං වුන
මගක් හොයන කෙල්ල
ජීවිතෙ තැනක හිර වෙලා ඉන්න
ලැබෙන දේට වඩා
නොපෙනෙන නොදැනෙන
නොලැබෙන දේට
ආදරේ කරන
අමුතු ජාතියේ කෙල්ල
නාහේට නාහන හිතට
බොරු කරලා
ඇතුලේන් මැරි මැරි ඉපදෙන
මමයි ඒ කෙල්ල
ලියා එව්වේ - කල්හාරි
Monday, November 16, 2015
Thursday, October 15, 2015
සමාවෙයන් අයියෙ
ඒක හෙනගහන අපරාධයක්. ඒ වුණත් ඒක කළේ මගෙ අයියා
වුණු උඹ. උඹ ඒ අපරාධෙ කරපු බව මම හොඳටම දැනන් හිටියා. ඒත් පොලීසියෙන් අහපු වෙලාවෙ මම
ඒ අපරාධෙ කළා කියලා බොරු කිව්වෙ උඹ හිරේ යනවා බලන්න අකැමැති වුණු නිසා. ඇරත් උඹ
එල්ලුම් ගහට ගියාම උඹේ පොඩි එකාට යන කල මොකක්ද? මමත් මීට කලින් ජරා වැඩ කරල තිබුණු
නිසා පොලීසියෙ අවධානෙ ගන්න ලේසිවුණා. හැමතැනින්ම මගෙ මරණෙ ඉල්ලද්දි මම හිතුවෙ හරි
උඹ බේරුණා කියලා. ඒත් මගෙ වචන එහෙමෙහෙ වුණා. අනික ඩී.එන්.ඒ.වලින් පරීක්ෂාවෙන් කොහොමත්
මගෙ බොරුව අහුවුණා. අවසානෙ උඹ අහුවුණා. ඉතින් උඹ එල්ලුම් ගහට නියම වෙයි. මට
සමාවෙයන් අයියෙ මට උඹව බේරගන්න බැරිවුණා.
ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya. blogspot.com)
කොණ්ඩයා
ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.
Monday, August 17, 2015
වසත් නික්මන
පුරුද්දට මිසක් කැමැත්තෙන් නොආපු තවත්
එක වසන්තයක්. ජනේලෙ කෙලින්ම තියෙන්නෙ පේර ගහ. උස පේර අත්තක පැණි කිරිල්ලියක්. ඊට
ගොඩක් පහළ අත්තක ගේ කුරුල්ලෙක්. පැණි කිරිල්ලි පහළ අත්තට එන්නයි ගේ කුරුල්ලා උඩ
අත්තට යන්නයි හේතුව උන්ගෙ ආදරේද? ඒත් ගේ කුරුල්ලෙකුගෙයි පැණි කිරිල්ලියකගෙයි
කූඩුවක් ගැන මම කතන්දරේකවත් අහලා නෑ. කළු පූසා පේර ගහේ ඇතිල්ලෙන්නෙ උන් ගැන
හාංකවිසියක්වත් නොදැන. ඒත් බය වැඩිකමට පැණි කිරිල්ලි යන්න ගියෙ ගේ කුරුල්ලෙක්
හිටියද නැද්ද කියලවත් මතක නැතුව වගේ.
වලව්ව පැත්තෙන් ඇහෙන රතිඤ්ඤා
සද්දෙ සුදු මැණිකෙ යනවා කියලා කියන්න වෙන්නැති. නැත්තම් සුදු මැණිකෙ යන දුකට
රතිඤ්ඤාවල පපුව පැලෙන සද්දෙ වෙන්නැති. ඒකෙන් කෝක වුණත් කියන්නෙ සුදු මැණිකෙ යනවා
කියලා.ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.
Wednesday, August 12, 2015
මතක මල් සුවඳ
මලක් නොව නුඹ මට
දිනෙක පරව යන
මල් සුවඳක්ය සිතෙහි
සදහටම රැඳෙන......
පරණ පොත් ගොන්නක් අවුස්සද්දි හදිසියෙන් දැකපු කවියක මුල් පද පෙළ තිබුණෙ එහෙම. ඒ කවිය මට දුන්න කෙනා මට ගොඩාක් ආදරේ කළා. ඒත් මම ආදරේ කළේ මට ගොඩාක් ආදරේ නොකළ කෙනෙක්ට. එයාට මම ගොඩාක් ආදරේ කෙරුවා. හරියට කවිය දුන්න කෙනා මට ආදරේ කෙරුවා වගේ. මම එයාට ගොඩාක් ආදරේ කරපු හින්දම එයාට පිටුපාල මට ගොඩාක් ආදරේ කරපු කෙනාගෙ වෙන්න මට හිතුනෙ නෑ. හිතපු විදියටම මට ගොඩක් ආදරේ නොකළ කෙනා දවසක මාව දාල ගියා. එදා මට මතක් වුණේ මට ගොඩාක් ආදරේ කළ කෙනාව. ඒත් ඒ වෙනකොට එයත් මගෙන් ගොඩාක් ඈතට ගිහින්.
ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya. blogspot.com)
දිනෙක පරව යන
මල් සුවඳක්ය සිතෙහි
සදහටම රැඳෙන......
පරණ පොත් ගොන්නක් අවුස්සද්දි හදිසියෙන් දැකපු කවියක මුල් පද පෙළ තිබුණෙ එහෙම. ඒ කවිය මට දුන්න කෙනා මට ගොඩාක් ආදරේ කළා. ඒත් මම ආදරේ කළේ මට ගොඩාක් ආදරේ නොකළ කෙනෙක්ට. එයාට මම ගොඩාක් ආදරේ කෙරුවා. හරියට කවිය දුන්න කෙනා මට ආදරේ කෙරුවා වගේ. මම එයාට ගොඩාක් ආදරේ කරපු හින්දම එයාට පිටුපාල මට ගොඩාක් ආදරේ කරපු කෙනාගෙ වෙන්න මට හිතුනෙ නෑ. හිතපු විදියටම මට ගොඩක් ආදරේ නොකළ කෙනා දවසක මාව දාල ගියා. එදා මට මතක් වුණේ මට ගොඩාක් ආදරේ කළ කෙනාව. ඒත් ඒ වෙනකොට එයත් මගෙන් ගොඩාක් ඈතට ගිහින්.
ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.
Tuesday, August 4, 2015
ගමන් මල්ලක මිය ගියෙමි
මා මෙහි පැමිණියේ මියෙන්නට නොවේ. ජීවත් වන්නටය. ජීවිතය විඳින්නයට. එය මිථ්‍යාචාරයකැයි මා නොදැන සිටියෙමි. එය එසේ වුවද මට ඉන් පලක් නොතිබුණි. මා දුර ගෙවා පැමිණියේ අහිමි වූ ජීවිතය කිනම් අයුරකින් හෝ ලබන්නටය. නමුත් ජීවිතය තුළ තිබූ අහිමි වීමද අහිමි වෙමින් මා හට ජීවිතය අහිමි විය.
මම මගේ ජීවිතය ඔහු තුළ ඇතැයි සිතුවෙමි. නමුත් මගේ ජීවිතයෙන් ඔහු සතුව තිබුණේ මාත්‍රයක් පමණි. එය පමණ ඉක්මවා ගිය තැන මා ඔහුට පිළිලයක් විය. ඉනික්බිති ඔහු සතුව තිබුණේ මගේ මරණය පමණි. ඔහු නොපැකිලව එය මට ලබාදුන්නේය.
දෙනෝදාහක් ගැවසෙන තැනෙක ගමන් මල්ලක මා සිරකර දමා ඔහු මගහැර ගොස් ඇත. තව මොහොතකින් මිනිසුන් මා සොයා ගනු ඇත.
ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya. blogspot.com)
මම මගේ ජීවිතය ඔහු තුළ ඇතැයි සිතුවෙමි. නමුත් මගේ ජීවිතයෙන් ඔහු සතුව තිබුණේ මාත්‍රයක් පමණි. එය පමණ ඉක්මවා ගිය තැන මා ඔහුට පිළිලයක් විය. ඉනික්බිති ඔහු සතුව තිබුණේ මගේ මරණය පමණි. ඔහු නොපැකිලව එය මට ලබාදුන්නේය.
දෙනෝදාහක් ගැවසෙන තැනෙක ගමන් මල්ලක මා සිරකර දමා ඔහු මගහැර ගොස් ඇත. තව මොහොතකින් මිනිසුන් මා සොයා ගනු ඇත.
ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.
Subscribe to:
Posts (Atom)