අපේ හිටියා පෙරේරා කියලා.
බුවා හෙන හොඳ එකා.
කොයි තරම් හිත හොඳද කියනවා නම්, මිනිහා අතහිත දෙන්නේම වයසක ඇන්ටිලාට.
මේ තත්වය කොයි තරම් දුර දිග ගියාද කියනවා නම් මිනිසා අවසානේ කසාද බැන්දෙත් බුවාගේ අම්මටත් වඩා අවුරුදු 10විතර වයස කෙනෙක්.
ඔන්න අපිත් මඟුලට ගියාය කියමුකෝ,
ඩාන්සින් ෆ්ලෝඑකේ කස්ටිය නටනවා..,
ඒ අස්සේ එකෙක් සිරා කෑල්ලක් දිහා බලාගෙන අත්පුඩි ගහනවා..,
මම හෙමීට කිට්ටු කලා බුවා ගාවට
සිරා කෑල්ලනේ බන් කවුද දන්නේ නෑනේ..?
ඌ මා දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා අත්පුඩි ගහන්න පටන් ගත්තා..,
ඒ අපේ අම්ම බන්..!
එතකොට මේ අපේ එකා බැඳලා ඉන්නේ..?
ආ ඒ අපේ ආච්චි..!
කොල්ලා හිනා වෙලා මා එක්කලා කිව්ව.
ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට (http://lishwish.blogspot.com/)
Wednesday, February 8, 2012
Sunday, February 5, 2012
බොළඳ කොල්ලා
එක රටක පෙම්යුවලක් ආදරෙන් හිටියලු, දවසක
කෙල්ල කොල්ලව දාලා ගියාලු. කොල්ලා පිස්සුවෙන් කෙල්ලව හෙව්වලු.. ඒත් බැරි උනාලු.. කෙල්ල
හොඳ රස්සාවක් කරගෙන හොඳින් සතුටින් හිටියලු, හැබැයි කොල්ලා, තමන්ගේ අයට, තමන්ටම, දුක්දිදි ජීවිතේ අරමුනු අමතක කරලා.. ආදරේ කරන අයට
ගරහලා.. දලා ගිය කෙල්ලෙක් වෙනුවෙන් විඳවනවලු
ගොඩාක් පස්සේ කාලෙක... කෙල්ල හොඳ කෙනක්ව
බැඳලා සතුටින් ඉන්නවලු
කොල්ලා..
1. කාත්කවුරුත් නැතිව තනියම ඉන්න බෑ කියලා..
මූදට පනින්න ගියාලු...
2. සේරම එකතු වෙලා අංගොඩ එක්කරන් ගියාලු...
3. වෙන කෙනෙක්ව විවාහ කරනෙ, බිරිඳට දුක්
දෙනවලු.. දාලා ගිය කෙනා ගැන කිය කියා.. ගෑණු
එච්චර බොළඳ නැති නිසා.. බිරිඳ අර කොල්ලව ඩිවෝස් කරනවලු..
සමහර කොල්ලෝ ඇයි මෙච්චර බොළඳ ?
Thursday, February 2, 2012
අරුනෝදය
හිනා කිංකිණි අතර මාව අතරමන් වෙලා, අද අරුනෝදිගේ විවහය., මගේ පාසැල් මිතුරිය, එක
බත් පත කාපු, එක පෑන හුවමාරු කරන් ලියපු, ඇය විවාහ වෙද්දි අදටත් මම තනියම.
“නංගී... ඇයි මේ තනියම..? විහාරාත් ඉන්නවා එතනට යමු.” අරුනොද්ගේ ඇස් කතාකලා..
“කමක්නෑ.. මෙහෙම හොඳයි..”
“එහෙනම් මම ඉන්නම් ඔයා ලඟ...”
“විහාරා එයි..
අයියා යන්න...”
“ම්” දිලිසෙන දෑස් යන්න ගියා.. මම
තනියම..
“ට්‍රීං ට්‍රීං...”
කෙටි පණිඩුඩයක්...
“ආදරෙයි.. සංකී....”
මේ කවුද..?
“ආනේ.. සංකී.. දැනුයි දැක්කේ...”
“ ඉතින්.. විහාරා.. කවදද ඔයාගේ වෙඩින් එක..“
“මම බැන්දා.. ”
“අරුනොද් අයියව.. හානේ.. කොච්චර හොඳද.. ”
“පිස්සුද කෙල්ලේ.. මම බැන්දේ මගේ මස්සිනාව ”
“අරුනෝද්....??”
“එයයි SMS කලේ... නම්බර් එක දුන්නේ මම” ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
Monday, January 30, 2012
වඩා සංවර ඩබල් ඩෙකරය ඔබ
ඉඩකඩ මදි කුඩා නැවකි
ඒ දහවලේ ආ ඩබල් ඩෙකරය
තප්පර දෙකක් එහායින් අසුන් ගත් ඔබ
වඩාත් විනීතව
අංශක අනූවකට පමණක්
විටින් විට මවෙතට බර වෙමින්
ජල විදුලිය උපදවන දෑසක්
කොන්දොස්තර උතුමා ළඟ
ටිකට් පත් බලෙන් පිරිනමන
ඒ අතර අපේ ඇස් පරීක්ෂා කරන
නවම් මාවතෙන් සුළං ගෙන
හිමින් මගේ කොපුලත තවරන
කොන්දොස්තරගෙන්
ජල විදුලි බලය ගෙන
හදවතේ විදුලි බල්බ දල්වන
ඩබල් ඩෙකරය
අකමැත්තෙන් 'බෙවර්ලි ස්ට්‍රීටයට'
හිස නවන
වජිර පාරද පෙනෙනa
'ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර්'
බොරු දත් පෙන්වා හිනැහෙන
ඔබ තවම විනීතව
අංශක අනූවට මද සිනා පෙන්වන
මම
වඩා අසංවරව
ඩබල් ඩෙකරයට පයින් ගසන
ඔබ
නැවක පා පුවරුවක නැළවෙන
ඉතා සංවරව
වඩාත් බියගුලුව
ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)
ඒ දහවලේ ආ ඩබල් ඩෙකරය
තප්පර දෙකක් එහායින් අසුන් ගත් ඔබ
වඩාත් විනීතව
අංශක අනූවකට පමණක්
විටින් විට මවෙතට බර වෙමින්
ජල විදුලිය උපදවන දෑසක්
කොන්දොස්තර උතුමා ළඟ
ටිකට් පත් බලෙන් පිරිනමන
ඒ අතර අපේ ඇස් පරීක්ෂා කරන
නවම් මාවතෙන් සුළං ගෙන
හිමින් මගේ කොපුලත තවරන
කොන්දොස්තරගෙන්
ජල විදුලි බලය ගෙන
හදවතේ විදුලි බල්බ දල්වන
ඩබල් ඩෙකරය
අකමැත්තෙන් 'බෙවර්ලි ස්ට්‍රීටයට'
හිස නවන
වජිර පාරද පෙනෙනa
'ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර්'
බොරු දත් පෙන්වා හිනැහෙන
ඔබ තවම විනීතව
අංශක අනූවට මද සිනා පෙන්වන
මම
වඩා අසංවරව
ඩබල් ඩෙකරයට පයින් ගසන
ඔබ
නැවක පා පුවරුවක නැළවෙන
ඉතා සංවරව
වඩාත් බියගුලුව
ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)
Monday, January 16, 2012
වැරදි ලියුම
ඔය ලියුං ගණ්ඩෝ..,
මම කෑගහලා කිව්වේ පත්තරේ බලන ගමන්.
ආ.. ඔයාගේ නමට ලියුමක්,
කඩලා කියවන්නකෝ මම මේ පත්තරේ බලනවා,
හහ්...!!!
මේ තියෙන්නේ කසාද බඳින්න කලින්
මුකුලු කරපු එකී තමුසෙට ලියුමක් එවලා..,
මම දැනන් හිටියා තමුසේ ඒකිව තාම අතෑරලා නෑ කියලා.
මොනවද සුනේත්‍රා මේ කියවන්නේ..,
කියවන්නේ මොනවද කියලා තමුසේට තේරෙයි
මම දික්කසාද නඩුවක් ෆයිල්කලාට පස්සේ.., මට තමුසේව ලොකු නෑ.
මගේ අයියා ලෝයර්, බාප්පා ඒඑස්පී.., තමුසේ දන්නේ නෑ..,
මේ අහන්න.., කෝ දෙන්න ඔය ලියුම..,
ඒක මොකටද.., මේ මගේ සාක්කිය
ට්‍රීං ට්‍රීං
ඒ පාර කවුද?
මම මේ ලියුම් ගේන කෙනා සර්..,
අනේ සමාවෙලා අර ලියුම දෙන්න..,
ඒක එහා ලේන් එකේ P.D.R.Pereraට
අයිති එකක්..!
Subscribe to:
Posts (Atom)