Thursday, September 29, 2011

ඇයි උඔට ඉන්නෙ

“මොකද බන් කරන්නේ?”

“පොතක් කියවනවා”

“අපෝ බන්. මේ මහ රෑ මලක් කඩාගෙන ඉන්නෙ නැතුව පොත් කියවන්න? උඹට පිස්සු”

“මල ඉවරයි බන්. එදා අපි දෙන්න කතා කර කර ඉද්දි උඹ ආවනෙ. මම කිව්ව ආයෙ මාත් එකක් කතා කරන්නත් එපා පංති එන්නත් එපා කියල. ඒක දුර දිග ගිහින් වැඩේ ඉවර කලා”

“උඹ හරකෙක්. එච්චර ලස්සන, ඉගෙන ගන්න පුලුවන්, ඩීසන්ට් කෙල්ලෙක් කොහෙන් හොයන්නද”

“ඒක එහෙම තමා. ඒකි පව් බන්. ඒකිට මට වඩා හොඳ කොල්ලෙක් හොයාගන්න පුලුවන්”

“උඹට පිස්සුම තමා. මට එදා උඹල දෙන්න කතා කර කර ඉද්දි ඊරිසියාවෙ බෑ. මම ප්‍රර්ථනා කලා මටත් උඹේ වගේ පට්ට කෙල්ලෙක් සෙට් වෙන්න කියල”

“ඇයි උඹට ඉන්නෙ”

ලියා එව්වේ - isuru71 (http://isuru71.wordpress.com)

Tuesday, September 27, 2011

How poor Girlfriend / Wife Is?

Girlfriend and Wife
Both are same.

You must help him in every way
No Questions ask.
No Worries.
No Crying.
Do all things,
even you can or can't.
No more thinking.

Do,
Whatever he is telling you..
Expect nothing.
Give him all you have,
No matter you can or can't.
just give.

When he blaming,
just listen.
He can do anything,
whether you like or not.

Care about him,
but don't even think
as he cares for you always.
He can love you or not.
You can't give up,
coz you love him lot...

How powerful Boyfriend / Husband Is?


ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

Monday, September 26, 2011

මහේෂ්ට නිවන් සුව...

අපි පෞද්ගලිකව හඳුනා නොගත්තක් මහේෂ්ගේ වචන සීයෙන් අපි ඔහුව හඳුනා ගත්තා.  අහිමිවීම යනු ලෝක ස්වාභාවයක් කියාගෙන අපට අපේ වචන සීයක් රචනාකරන රචකයෙන් අහිමි වුනා. ඒ වගේම ලෝකයට පුතෙක් සහෝදරයෙක්, මිතුරෙක්, මේ වගේ විවිධ චරිත ගණනාවක් මහේෂ්ගේ ලබැඳියන්ට අහිමි වෙන්න ඇති.
                      මේක හුදෙක් ශෝකය පලකිරීමක් වෙන්න පුළුවන්. මහේෂ් කළුද සුදුද කියන්නවත් අපි දැනගෙන හිටියේ නෑ. මහේෂ් නැතිවුනාම මහේෂ් හමුවෙන්න අපිත් යයි. අපිත් දුක බෙදාගන්න උත්සාහ කරයි. ඒත්  OneZeroZero  කියවන අයට මහේෂ්ව මතක තියෙයි.
                   මේකත් හෙටින් පස්සේ පරණ වුන සීයේ ගොඩට එකතු වෙයි.  නමුත් මහේෂ්ගේ සීයේ කතා ටික හැමදාම රැඳිලා තියෙයි.

මහේෂ්ට නිවන් සුව.. අපි කොහේදීහරි හමුවෙන්න ඉඩ තියෙනවා.. එතකම් ආයුබෝවන් මිත්‍රයා...

ලියා එව්වේ - සීය ගණින අපි.. (පින්තූරය පොපීගෙන්)

Friday, September 23, 2011

රොබෝ ආවේශය

මං හිටියේ ඊයේ යුද්දෙක
ඔප්ටිමස් ප්‍රයිම් දැන් හරි උස ගිය
ඒත් සෙන්ටිනල් ඊටත් වඩා උස
පපුතුරේ යකඩ පට්ටම්
උරහිසේ කැපෙන කඩු
පෘථිවියේ හරි ජරමර
අහස් පාලමෙන්
හඳේ වුන් පොළොවට පනින
අපිට ඕනෑ මේ පොළොව
ගර්ජනා කරමින් ඉල්ලා සිටින

සෑම් විට්විකී හරි පෙම්බර
කාලි ස්පෙන්සර් හිත කරකවන
මේ මහා සටන් මැද
ඔවුනොවුන් සිපගන්න

සයිබර්ත්‍රෝනියාවෙන්
සාම හමුදා එවන
හඳේ මායමකට ‍රැවට
එහිම නතරවන

මෙගාත්‍රොන් දැලිපිහි කරකවන
ඒ පිහියෙන්ම මිනිසුන්ට කිරි කවන

ඔප්ටිමස් ප්‍රයිමයා අත නැති වුණ
තූතූ කර දැමූවා
හරි උස සෙන්ටිනල් තෙම

මේ සියලු සටන් මැද
පෙම් යුවළ
අත් බැදගෙනම එහේ මෙහේ දුවන

මේවා හරි ජාති සිනමාපට
ඔක්ටමස් ප්‍රයිම් නම්හරි උස


ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

Wednesday, September 21, 2011

බැඳි පෙමක අරුම

මගේ මුලූ ජීවිතේම
මුලු ජීවිතේම
වෙනස් වුනා
ඔයා නිසා.
ඔව්
ඒ ඔයා නිසාම තමයි
ඔයයි දැං
මගේ ජීවිතේ.
මට වෙන කවුරුත් නෑ.
ඔයාම විතරයි.
ඔයාම විතරයි
මට හැමදේම..
හැමදාම...

ඒත් ඔයාට
එහෙම නෙවේ.

ඔයාට,
ඔයාගෙ ජීවිතේට
"මාව ලැබීම",
කියන එක,
ඔයාගෙ ජීවිතේට
තවත් එක දෙයක් ලැබීමක්
විතරක්
වෙන්න ඇති.

ඒක වෙන්න ඇති
මේ දේවල්
මට එක විදියකටත්
ඔයාට වෙනස්ම විදියකටත්
දැනෙන්නෙ.

ඒ වචන ටික සමහර විට
කොල්ලෙක් කියන දෙයක් වගේ
වෙන්න පුලුවන්.
ඒත් දැං කියන්නෙ
"කෙල්ලෙක්".

ඒ නිසා සමහර විට මේකෙ
කිසි වටිනාකමක්
නැතුව ඇති.
නිකන්
වචන ටිකක්
වෙන්න ඇති.

මොකද,
ඔයා
ඒක කියවල,
මට කිව්වෙ
"මට තේරුන් නෑ" කියල.


ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...