ඔන්න එකමත් එක රටක හිටිය සුනිලුයි කමලුයි කියල යාළුවෝ දෙන්නෙනෙක්.
දෙන්න ගජ යාළුවො. දෙන්නගෙම රස්සාවල් වුණත් හවුලෙ තමයි වුණේ.
ඔන්න ඉතිං ඔය හවුල් අවුලක් නිසා දෙන්න තරහ වුණා. එදා ඉඳන් දෙන්න මූණවත් බැළුවෙ නෑ සෑහෙන්න කාලෙකින්.
පහුගිය සිංහල අවුරුද්දට දෙන්න ආයෙමත් බදාගෙන වැළඳගෙන යාළු වුණා. අවුරුදු දවස් දෙකේම හොඳට බිව්වා.
අවුරුද්ද පහු වුණා විතරයි මෙන්න දෙන්න ආයෙත් තරහ වෙලා.
කමල් සුනිල්ට ආපු බිස්නස් එකක් හිමීට උස්සලා. ඒකට ආයෙත් දෙන්න තරහ වෙලා.
ඕක ගැන පැත්තක හිටපු අමල් ඇහුව කමල්ගෙන්.
අයියෝ... අවුරුද්දට ඉතිං තරහ මරහ තියාගන්න හොඳ නෑනේ මල්ලි... ඒ වුණාට අවුරුද්දෙන් පස්සෙ ආයෙත් බිස්නස් කරන්න එපැයි.
කමල් ඇඟට පතට නොදැනී කිව්වා.
ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)
Wednesday, August 10, 2011
Monday, August 8, 2011
වෝකි ටෝකි
දැකල තියෙනව නේද පොලිස් අංකල්ලා ගාව තියෙන වෝකි ටෝකි? ඒක ඩුප්ලෙක්ස් පණිවුඩ හුවමාරු ක්රමයක්. එක වෙලාවකදි එක්කෙනෙක්ට විතරයි කතා කරන්න පුළුවන්.
ඔයාලගෙ ෆෝන් එකෙනුත් ලේසියෙන්ම ඒ වගේ වෝකි ටෝකියක් හදාගන්න පුළුවන්.
උවමනා වෙන්නෙ ෆෝන් එකයි (චයිනීස් එකක් නම් නියමයි) කතා කරන්න කෙනෙකුයි විතරයි.
ඉස්සෙල්ල මේ පෝස්ට් එක ඔයාට කතා කරන්න ඕන කෙනාටත් පෙන්නන්න.
ඊලඟට එයාට කෝල් එකක් ගන්න.
එයා ආන්සර් කරද්දි ඔයා ෆෝන් එක කණ ගාවට ගන්න.
ඔයා කතාකරද්දි ෆෝන් එක කට ගාවට ගන්න.
ඔය වගේ තමන් කතා කරද්දි කට ගාවටයි එයා කතා කරද්දි කණ ගාවටයි ෆෝන් එක මාරු කරන්න.
ඔය බස්වල යද්දි කස්ටිය වෝකි ටෝකි ටෝක්ස් දානව දැකල ඇතිනේ...
ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

Friday, August 5, 2011
බච්චාවෝ...
ටවුම මැද තිබුණ පරණ රත් හඳුන් ගහක්.
ඒ ගහේ වයස කියන්න පුළුවන් කෙනෙක් හිටියෙ නෑ. ටවුමෙ කෞතුකාගාරෙ තියෙන අවුරුදු එකසිය පණහකට විතර කලින් ගත්තු පින්තූර වලත් ගහ ඒ වගේම තියෙනවා.
රවුන්ඩබවුට් එක වටේ පාර ලොකු කරන්න ඕන කියල ආණ්ඩුකාරයට හිතිලා ඒකට යෝග්යතා අධ්යයනෙ කැඳෙව්වා.
වැඩේ කරන්න නම් රත් හඳුන් ගහ කපන්න වෙනවා.
ගහ වගේද පාර? ඔන්න ගහ කපන්න තීරණය වුණා.
ඒකට පරිසරවේදියො සෙට් එක ඇවිස්සුණා. රත් හඳුන් ගහ වෙනුවෙන් සංවිධාන කීපයක්ම හැදුණා. දවස් කීපයක් ඇතුලත කට්ටිය හතලිහක් පණහක් සෙට් වුණා ගහ ගාවට.
එකෙක් "හඳුන් ගහ බේරාගනිමු" කියල ගහපු බෝඩ් ටිකක් අඟලෙ ඇණ වලින් ගහ වටේ ගැහුව.
පටන් ගත්ත කෑ ගැහිල්ල.

Tuesday, August 2, 2011
නොමියෙන (මියැදුනු) පෙම
මාස ගානක් සීයට නොලිව්වත් ළඟදි ඇතිවුන සිදුවීමක් ආයිමත් මාව ලියන්න පෙළඹෙව්වා. මගේ පරණ පෝස්ට් එකක කිව්වා වගේ මගේ පලවෙනි ආදරේ අහිමි වෙලා දැනට අවුරුදු ගානක්. ඒත් මගේ හිතේ මමත් වැරදිකාරයෙක් කියන සිතිවිල්ල හැමදාම තිබුනා. ඒක නිවැරදි කරන්න පරක්කු වැඩි උනත් මොනවත් නොකරනවට වඩා මොනවාහරි කරන එක හොඳ නිසා පහුගිය 16 වෙනිදා තිබ්බ එයගේ උපන්දිනේට මම සුබපැතුවේ අඩුමගානේ මට ස්තූතියි කියලාවත් කියයි කියලා හිතාගෙන. ඒත් ඒ පිලිතුර මට තාමත් ආවේ නෑ. මම හිතුවා වගේම ඔයා මගෙන් ගොඩාක් ඈතට ගිහින් ඇති. මාව අමතක වෙන තරමටම. ඒත් මට ඔයාව අමතක නෑ. “First Love Newer Dies.” කොහේ හරි මම දැකලා තියනවා. මට තාම මතකයි.
ලියා එව්වේ - සජිත් රූපසිංහ
ලියා එව්වේ - සජිත් රූපසිංහ
Monday, August 1, 2011
නැද්ද කිසි ගරු සරුවක්?
බස් එකේ පුජ්ය පක්ෂයට වෙන් කරල තියෙන ආසන දෙකේ සීට් එකේ, ආසන දෙකම අල්ලගෙන ඩෝප් කාරයෙක් ෆුල් සැපට නිදි. මගදි නැග්ග හාමුදුරු නමක්, කොන්දොස්තර උන්නැහෙ ඩෝප් කාරයව ඇහැරවල, හාමුදුරුවන්ටත් ඩෝප් කාරය ලඟින්ම වාඩි වෙන්න ඉඩ සලස්සල දුන්න. ඩෝප් කාරය සීට් එකේ ඉඩ දුන්නෙ "දෙන්න හිතයි අපවත් වෙන්න" කියල හෙමීට කියාගෙන. ස්වාමීන් වහන්සෙ කිසි කතාවක් නැතිව ලැබුන ඉඩ ටිකේ ශාන්ත දාන්තව වාඩි වෙලා දැන් බස් එකේ යනව. මගදි බුදු පිළිමයක් දැක්ක ඩෝප් කාරය, නැගිටලම වැන්ද. ස්වාමීන් වහන්සෙ කිසි හැල හොල්මනක් නැතුව තමන්ගෙ පාඩුවෙ වැඩ ඉන්නව. ඩෝප් කාරය ඒ පාර හාමුදුරුවන්ගෙන් අහනව "අර ඔහෙලගෙ බොස් නේද, නැද්ද කිසි ගරු සරුවක් දක්කන්නෙ?" කියල.
ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)
ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)
Subscribe to:
Posts (Atom)