Wednesday, December 3, 2014

අලුත් තැනක්

එළඹෙන වර්ෂාවෙන් ආරක්ෂා වීමට නව වාසස්ථානයක් සොයාගත් පසු කළු කුහුඹු නායකයා සිය රැල ඇමතීය. ආදරණීය ජනතාවෙනි. අද අප අලුත් තැනකට පැමිණියා. ළඟ එන වර්ෂාවෙන් බේරී සිටීමට මෙතැන ඉතා සුදුසුයි. රැගෙන ආ කෑම සුරක්ෂිතයි. බිත්තර ආරක්ෂිතයි. නමුත් එන අතරමග අප අතර සිටියවුන් බොහොමයක් මියගියා. ඇතමුන් මගහැරුණා. ඔවුන්ද මතු දවසක මිය යන බව අපගේ අදහසයි. එනමුත් අහිමිවූවන් වෙනුවෙන් ලතැවී සිට පළක් නොවන බව අපගේ අදහසයි. එමෙන්ම අප හැර ගිය අපේ සහෝදරයන් අපි අතරම යළි ඉපදෙන බව අපේ විශ්වාසයයි. ඔබත් ඒ විශ්වාසයට පැමිණෙන්න. මිය ගිය වුන් අපි අතර යළි ඉපදේවායි ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවෙන් මේ වස්සානයේ වැඩි වැඩියෙන් සංසර්ගයේ යෙදෙන්න. ඔබ සැමට ජය.

ලියා එව්වේ - වර්ණ

4 comments:

  1. වස්සානය නිසා වැඩි වැඩියෙන් සංසර්ගයේ යෙදීම නම් සිදුවෙයි

    ReplyDelete
  2. අදයි මේ පැත්තට අාවේ............. හැකි නම් අපේ අයගේ සින්ඩි වලට ඒන්න............ ඒක හැමෝමට ම මේ පැත්තට ඒන්න සහයක් වේවි.................. දිගට ම ඒන්නම්............. බ්ලොගය අගෙයි..............

    ReplyDelete
  3. කොහොමද එන්නෙ

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...