මේ බලපන් මගේ අළුත් මුද්ද.
නියමයිනේ. මොකද්ද බන් ඔය මැදින් කළු පාටට තියෙන කෙන්දක් වගේ එක?
උඹට මතකද කාලෙකට කලින් පත්තරේ ගියා හබරණ කැලේ හිටපු මහ භයානක තනි අලියෙක් ගැන. ඌ ඒ පැත්තේ මිනිස්සු බර ගානක් මරලා තියෙනවා. හේන් වලට පැනලා මහ විනාශ කලා ඒ දවස් වල. අන්න ඒ අලියා පණපිටින් ඉන්නකොට උගේ වලිගෙන් ගලෝපු මවිල් වගයක්. මේක දාගෙන ඉන්න වෙලාවට කාටවත් බය හිතෙන්නේ නැහැ. පුදුම ශක්තියක් හිතට දැනෙන්නේ.
කොහොමද දැන් උඹලාගේ ආච්චිට
එයාගේ ඔළුව හොඳ නැහැ බන්
ඒ මොකෝ
මැරිච්ච්ච සීයගේ කෙස් ගස් ටිකක් වලල්ලක ඔතාගෙන හැමවෙලේම දාගෙන ඉන්නවා, උන්දෑ කියන්නේ ඒක තිබුනම සීයාගේ ආරක්ෂාව ලැබෙනවා, බයක් නැහැ කියලා.
ලියා එව්වේ - නිෂාන්
හැක්ස්. සමහර මිනිස්සු හැම වෙලාවෙම හිතන්නෙ තමන් හිතන විදිහ තමයි හරි කියල
ReplyDeleteayyoo
ReplyDeleteආච්චිත් මුනුබුරා ගැන හිතනවා ඇත්තේ එහෙමමයි :)
ReplyDelete