Tuesday, February 19, 2013

වස්සානයට පෙර

'මොකක්ද බං ඒ සද්දේ? කවුදෝ කෙඳිරි ගානව වගේ, ගෑණු කටහඬක්!'

අවාරේ සිරි පා වඳින්න, කුරුවිට පාරෙන් යන නඩයකට කැලෑව තුළ තිබුණු පුංචි පන්සලකින් මේ ශබ්දය ඇසුණි.

ඉන් එකෙක් පන්සලේ කාමරය තුළට එබිකම් කර බැලුවේය. ඒ දුටු දෙයින් ඔහුගේ ගතත් සිතත් සලිත විණි.

'ගමේ පන්සලෙත් මෙහෙමත් හාමදුරුවරු, මදැයි වන්දනා ගමනක් ඇවිල්ලා දැක ගත්ත දේ'

තවමත් මැදි වයසේ සිටි ඔහුගේ ගතින් දහඩිය රූරා වැටුණි. අඳනකඩය පමණක් ඇඳ සිටි ඔහු ඇගේ කකුල් ඉතා තදින් පිරිමදියි ඒ අතර කටින් යමක් මුමුණයි.

'දැං හරි'

ඔහු කෙළින් නැගී සිටියේය.

'හාමදුරුවනේ, එහෙනං මං නෝනෙව ගෙදර දාලා ඉක්මනට එන්නම්.‘

'උපාසක උන්නැහේගේ කැමැත්තක්. මං යනවා ඉතිරි පිටි ටික කොටන්න'

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/

7 comments:

  1. හ්ම්ම්... යන්තම් දැකලා, යන්තම් අහලා, ඊට පස්සේ ඒකට කෑලි අතින් දාලා ලියන පත්තර වලටත් අදාලයි...

    ReplyDelete
  2. Replies
    1. හුඟක් වෙලාවට මිනිස්සුන්ට බොහෝ දේවල් නොතේරෙන එකත් ප්‍රශ්නයක්? හාමදුරුවෝ,ගැහැණිය කියන එක එනකොටම මිනිස්සුන්ගෙ හිත් ටිකක් සලිත වෙනවා.ඊටපස්සේ එන්ඩ් එක දෑක්කම මොකක්ද උනේ කියල හිතාගන්න බැරි වෙනවා, මොකද ටොපික් එක වස්සානයට පෙරනේ.ඉතින් ටිකක් හොල්මන්ග් වෙනවා මොකක්ද මේ කියලා , වස්සානයට පෙර කියන්නෙ ....වස්කාලයට පෙර කියන එක . කැලේක පන්සලක ඉන්න හාමදුරු කෙනෙක්ට කෑම එහෙම ලැබෙනව අඩුයි ඒකයි වස්කාලෙට කලින් පිටීහෙම කොටලා කලින් ලෑස්ති කරගන්නේ.ඒකයි හමදුරුවූ දාඩියපෙරාගෙන සිවුරුගලවල පැත්තකින් තියන්නේ. ඒ අතර තමයි කකුලට බෙහෙත් කරගන්න ගෑණුකෙනෙක්ව එක්කරගෙන එන්නේ. අර මිනිස්සු දකින්නේ වැරදි දෙයක් බාගෙට.

      ජීවිතේන් යම් මාර්ගයක් හොයාගෙන කැලේට ඇවිත් භාවන කරගෙන නිර්වාණය හොයාගෙන එන හාමදුරු කෙනෙකුට ගෑණියෙක්ගේ කකුල මහදෙයක් නෙවේ.ඒක මහදෙයක් වෙන්නේ ඒ දේවල් හරියට තෙරුම් ගන්න බැරි අපිට, මට ඕන උනේ මිනිසුන් වන අපේම කැත හිතට සියුම් ප්‍රහාරයක් එල්ල කරන්නයි.

      dang obagee LOL valta uththaree labunaada :)

      Delete
    2. :D මට තේරුන දේම තමා ඔයා කියලා තියෙන්නේ.ඉතින් මම ඒකට හිනාවුනා.හිනාවුණු එකට ඔයා රිප්ලයි කරපු එකට මට ආයෙත් හිනා ගියා ලොල්.ඒත් ස්තුතියි.මොකද මට මේක සමහරවිට කලින් නොතේරුනා නම් ඔයාගේ දැනුවත් කිරීම වටිනවා :) ස්තුතියි.

      Delete
    3. මං මේක ලිව්වේ මගේ යාඵුවෙකුට පස්සේ හිතුණා මෙක බ්ලොග් එකෙත් මෙතනත් දාන්න.මට තේරුනා මේ කතාව නොතේරුණ අයත් හිටියා කියලා.

      ලොල් :))))))))

      Delete
  3. මරු! කිව්වත් වගේ බැක්ග්‍රවුන්ඩ් එක නොදැන කියෙව්වොත් අතිශයින් මඤ්ඤමික වෙන්න පුළුවන්!

    නොදත් දේකුත් දැනගත්තා...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...