Wednesday, November 14, 2012

ළමයි

ආයිබෝවන් ටීච....
ආයුබෝවන් වාඩිවෙන්න.
ටීච මං පිටපත් ලිවීම් දෙකක් ලිව්වා...
ටීච මං අච්චු පොතේ වැඩ කළා...
ටීච මං සංඛ්‍යානාම පිටු දෙකක් ලිව්වා...
ආ හොඳයි මට ගෙදරවැඩ පොත් දීලා දැන් වාඩිවෙන්න...
දැන් ගන්න මිශ්‍ර අභ්‍යාස පොත්...
ටීච ප්ලේන් එකක්...
දුවමු දුවමු ඉක්මනට...
ළමා....යි
1. ළමයා: ටීච ඒක ප්ලේන් එකක් නේද?
2. ළමයා: නෑ ඒක හෙලිකොප්ටරයක්. නේද ටීච...
3. ළමයා: ටීච ඒක අපේ ඉස්කෝලෙ පිට්ටනියට බාන්න පුළුවන්ද?
4. ළමයා: මේකට බාන්නැහැ ඒක බාන්නෙ ලොකු ඉස්කෝලෙ පිට්ටනියට.
3. ළමයා: ටීච ඒක අපේ පිට්ටනියට බාන්න පුළුවන්ද?
ඔව් ළමයිනේ ඒක අපේ පිට්ටනියට බාන්න පුළුවන් එකක්.
ළමෝ හැමෝම: හෑ...? ටීච ඒක බෑවම අපි සෙල්ලම් කරන්නෙ කොහොමද?


ලියා එව්වේ - මගේ ජීවිතය

4 comments:

  1. ටීචර් උනත් ආස වෙයි පිට්ටනියට පොඩි හරි ප්ලේන් එකක් බානවා නම්...

    ReplyDelete
  2. මදෑ මජී ඉස්කෝලෙක උගන්නන්න ගියා! ළමයි ටීචට උගන්නනවා! :D

    ReplyDelete
  3. දැං ඉන්නේ ළමයි නෙවෙයි ළමයි තාත්තලා අම්මලා...:D උන් අපිට වඩා දන්නවා කියලා තමයි ඉන්නේ !! :)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...