Thursday, April 14, 2011

ලොකු අයියේ අවුරුදු ජයද?

අද සිංහල අවුරුදු දවස...

දවසින් දවස අපිව මිටි මිනිසුන් කර උසට නගින ගොඩනැගිල්ල අහස අල්ලන්න ඉක්මන නිසා දෝ අදත් වෙනසක් නැහැ... වැඩ.

ඒත්... මාස ගාණක් ඇහැට දැකපු නැති කෑම බීම පලතුරු මුලු මෙස් එකම සරසලා. රෑ කෑම වේල ජය පාටයි. අපේ එවුන් බරටම ෆොටෝ ගන්නවා, නයිට් ශිෆ්ට් එකේ වැඩකරන උන්ට ඒ චාන්ස් එකත් නැහැ.

ලොකු අයියේ... උඹේ අවුරුදු පාටි ෆොටෝ ලැබුණාම ගෙදර අය වටවෙලා බලන හැටි මැවිලා පෙනුණා. අපි හින්දා උඹත් අවුරුදු දොළහක් තිස්සේ තනිවම මේ කාන්තාරයේම තවත් පැත්තක මොනතරම් දුකක් විඳිනව ඇත්ද? උඹ කවදාවත් කටක් ඇරලා කියන එකක්යැ. මගේ පපුව දාලා ගියා බං.

ෆොටෝ දකින උන්වත් සතුටින් ඉන්නේ නැතැයි.


ලියා එව්වේ - ගල්මල්-Coral (http://galmal.blogspot.com/)

5 comments:

  1. අනිත් මිනිස්සුන්ට නිදහසේ අවුරුදු සිරි විඳින්න සලස්වන්න අද දවසෙත් වැඩ කරන කට්ටිය ඕන තරම් නේද?

    ReplyDelete
  2. අපේ තැනත් මේ වෙලාවේ වැඩ කරන අය ඉන්නවානේ. ඒ අය නිසා තමයි අපි ගෙදරට වෙලා සැපට අවුරුදු කන්නේ..!

    ReplyDelete
  3. 'ෆොටෝ දකින උන්වත් සතුටින් ඉන්නේ නැතැයි.'
    ලෝකෙ සුන්දර වෙන්නෙ මිනිස්සු අනුන්ගෙ සතුට ගැන සිතන තරමටයි නේද

    ReplyDelete
  4. හැම දුක් කන්දරාවක්ම යටපත් කරගෙන අනුන්ගේ හිත්වල සිනාරැලි මතුකරන්න වෙහෙසෙන අය බොහෝය. එවන් අයියා කෙනෙකුගේ කැපවීමෙන් උගත් මල්ලියෙක් තම වෘත්තීය ක්ෂේත්‍රයේ (මැදපෙරදිග) රැකියාවට පැමිණ උදාවූ පලමු අලුත් අවුරුදු දා දකින යථාර්ථය වටා ගෙතුන කතාවක් මෙය.

    නොයෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් හි නියුතු අය අවුරුදුදා ද සේවයේ යෙදෙති. එහෙත් රටින් පිට සේවය කරන අයෙකුට තම පවුලේ අයගෙන් ඈත්වීමෙන් දැනෙන අඩුව වචන කරන්න අසීරුය. ඔවුනට අවුරුදු සිරියෙන් පිරුණ පරිසරය විඳීම පවා අහිමිය. ඔවුන්ගේ කැපවීම බොහෝ අයට අවුරුදු ගෙනෙයි.

    ඔවුනට කිරි ඉතිරෙන්නේ නැතුවට ඔවුන් අපේ රටේ ආර්ථිකය කිරියෙන් උතුරවයි.

    ReplyDelete
  5. @hare :-), malee_msg, සහෝධරයා
    අදහස් දක්වමින් සටහනක් එක් කලාට බොහෝම ස්තුතියි.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...