Saturday, November 6, 2010

සීනි

අහස කළු වෙලා. වැහි ලිහිණියො මුළු අහසම උන්ගෙ කරගෙන. මහ වැස්ස පෙනි පෙනිම ඔයත් ඇවිත් මාව හොයාගෙන. ඔයා නම් වැස්සට තෙමෙන්න ආසයි වගේ. පුංචිකාලෙ මාත් එහෙමයි.

වහ වරුසාවත් පටන් ගත්තා. "අපි තේ බොමු?" ඔයා කියනවා. හොඳ අදහස. ඇඟ චුට්ටක් රත් වෙන එක මේ ඇටමිදුලු පසාරු කරන් යන හීතලට.

පල්ලෙහා වෙල් යායම පිරිලා. හරියට වැවක් වගේ. කොළඹ කුණු කානුත් උතුරලා ඇති. කළු පාට වතුරින්. සපත්තුවේ හිල් අස්සෙන් වතුර ගිහින් වගේ. 'චිකිස් චිකිස්' සද්දෙට කිති කැවෙනවා කන් දෙකම. බණ්ඩාරනායකලා, සේනානායකලා කපුටු ගඳ යන්නත් එක්ක හොඳට නානවා ඈති!

ෂූ...................

අහ්, කේතලේ උතුරනවා. වැස්සෙ තෙමීගෙනම මං ගෙට ගොඩවුණා. අපිට තේ හදන්න.

හැමිණෙයි!

සීනි ඉවරයි.

ලියා එව්වේ - කෝසල සෙනෙවිරත්න (http://kombuwaonline.blogspot.com)

9 comments:

  1. ෂික්.....මෙච්චර හොද වෙලාවක මල මගුලක් නොවැ වෙලා තියෙන්නේ.....
    දැන් ඉතින් සීනි නැතිව කහට එකක් වත් බීපල්ලා ....

    ReplyDelete
  2. මල හත්තිලව්වයි! දැන් ඉතිං උණුවතුර පාරක් දාන්නයි තියෙන්නේ... අර කපුටු ගඳ යන්න නාන උන්නැහැලාගෙ කතාව නම් පට්ට ඈ...

    ReplyDelete
  3. සීනි නැතුව තේ බොමු..

    ReplyDelete
  4. 'හැමිණෙයි'
    ඒ කියන්නේ මොකද්ද?

    ReplyDelete
  5. හැමෝටම ස්තූතියි comments වලට...
    @පිස්සා
    එවිවයෙ තේරුම් මෙහෙම ප්රසිද්ධියෙ කියන්න බෑ! :P

    ReplyDelete
  6. @ පිස්සා

    බුදු පිස්සා මචෝ, හප්පේ උඹව දැක්ක කල්. අම්මපා නිකං බාප්පව දැක්කා වගේ. උඹ තාමත් ඔහේ පිස්සන් කො‍ටුවේ රජ කරගෙන හොඳින් ඇතැයි සිතමි. ජුලියට් මහ ‍රැජිණටත් මගේ සුබපැතුම් දන්වාපං.

    ඇයි යකො ඔය ටිකට බොට දැං හිංගලත් අමතක වුනාද? මෙතන හැමිණෙනවා කියන්නෙ නිකං "හුටා" කියනවා වගේ එකක් නොවැ. හරිම තේරුම නං පැටලෙනවා වගේ එකක්. හැබැයි මේක ටිකක් අමුතු පැටලිල්ලක්. පැටලෙන කෙනා සාමාන්‍යයෙන් විරුද්ද පක්සෙ වෙන්න ඕනෙ. දැං අහනවා එහෙම නෙවෙයි, විරුද්ධ පක්සෙ ඈයො ආණ්ඩු පක්සෙට යන එකත් හැමිණිල්ලක්ද කියලා.

    ඕන කුණුහබ්බයක් ඉංගිරිසියෙන් කියනකොට කිසි ගාණක් නැතුව කීවැකිනෙ. ඔය ඉංගිරිසියෙන් f*** කියන්නෙ, ආන්න එකටම තමා. ඉඳා ඔන්න ජර්මන් වලිනුත්: bumsen

    ReplyDelete
  7. හරිම ලස්සනට ලියලා තියනවා, මලේ. කොහෙද මේ හැමිණෙන්න ගිහිල්ලා , කතාව ගැන කියන්නත් අමතක වුනා නොවැ. උඹ දන්නව නොවැ මලේ, අපේ අයියලාට ඉතිං හැමිණෙන්න තියනවා නං අනිත් ඔක්කොම අමතක වෙන බව: ඉතිං ඒ නිසා මට දොස් කියන්න එපා- මමත් ඉපදුනේ මේ සිරි ලංකාවෙනෙ.

    මමත් හරිම ආස දෙයක් තමයි වැස්ස. ගමේදි වෙල් යායක් වැස්ස වහින හැටි, නැත්නම් නිකම්ම වැහි බිංදු මිදුලේ රටා මවන වැටි වරු ගාණක් වුනත් බලා ඉන්න පුළුවනි. හැබැයි පිටකො‍ටුවට වහිනකොට නං , වැස්ස හැමිණෙනවම තමා. අර පිට කො‍ටුවෙ අල-ලූණු තොග බිස්නස් කරන වීදියෙ( නම මතක නැ‍තෝ- මං ඒකට කීවෙ "අල-ලූණු වීදිය" තමා) අඟල් ගානක අල-ලූණු කොල තට්‍ටුව වැස්සට දියවෙලා හදන තලපයත්, ඒකෙ ඇවිදින්න පිං කරපු උත්තමයො "චිරිස්-චිරිස් ගගා යන උජාරුවත් බලන්නම වටිනවා- හප්පේ තියන සනීපයක්.

    දිගටම ලියන්න. අපි බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  8. ආ පිස්සා/සි!!!!! කාලෙකට පස්සෙ මේ පැත්තෙ? මොකෝ දැන් ලිංග භේදය ලිහා ගත්ත ද?

    ReplyDelete
  9. @ සිරිබිරිස්- අඩේ, මචෝ!! ගොඩාක් කාලෙකින්. සිරාවටම අද තමයි මේ වචනේ ඉගෙන ගත්තේ..
    මට වැඩ වැඩියි. ඒකයි බ්ලොග් ජීවිතේ මඟ ඇරුනේ.
    අපිට සෙට් වෙන්න උනෙත් නෑ නොවැ කාලෙකින්... බලමුකෝ..
    රැජිණ ගැන නම්, කතා කොරලා වැඩක් නෑ. අවුල් ජාලයයි.

    මම මේකට වචන 100 එකක් එව්වා. ලඟදීම යාවි හොද නම්..


    @ ඇනෝ- වැඩ පිරිලා බං.. ආහ්.. අතුරු ආන්තරාවක් නැතුව ඒ වැඩේ නම් ගොඩ. දැන් මාස 5ක් විතර වෙනවානේ.. වැඩි විස්තර අපේ මහා රැජිනගෙන් තමයි.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...