Tuesday, September 3, 2013

NO POLITICS

"මිනිසා දේශපාලන සත්වයෙකි" එහෙමයි දේශපාලන විද්‍යාවට ඉගැන්නුවේ, එතකොට
ආර්ථික විද්‍යාවෙදි, කුටුම්භ සහ ව්‍යාපාර අංශවල ක්‍රියාකාරකම් රජය එහෙමත්
නැත්නම් දේශපාලන බලාධිකාරයේ ඍජු මැදිහත්වීම මත තීරණය වෙනවලු. ව්‍යාපාර
අධ්‍යනයට, කළමනාකරණයට, ගිණුම්කරණයට අනුව නම් භාහිර පරිසරයෙ වඩාත්
තීරණාත්මකම, වැදගත්ම සාධකය දේශපාලනයලු.

ඒ කතාවත් ඇත්ත. අද කාලෙ පාරකට තාර ටිකක් දාගන්න, පාලමක් බෝක්කුවක්
හදාගන්න කොටින්ම එක වසරට ළමයෙක් දාගන්න පුළුවන්ද දේශපාලකයෙකුගෙ ලිපියක්
නැතිව?

හැමදේම දේශපාලනය මතම තීරණය වන මේ ධර්මද්වීපයේ ක්‍රියාශීලීම   බුද්ධිමත්ම
තරුණ පිරිස වන සරසවි ශිෂ්‍යයන්ට සරසවියට එනකොට අම්ම තාත්ත, නෑදෑ
වැඩිහිටියො, ගුරුවරු දෙන්නෙ එකම එක අවවාදයයි.

"අනේ පුතේ, උඹ නම් ඔය දේශපාලන වැඩවලට පැටලෙන්න එපා."

වැරැද්ද අපේද, උපදෙස් දෙන අයගෙද, නැත්නම් දේශපාලකයන්ගෙද?

ලියා එව්වේ - මන්දාරම (http://mandharama.blogspot.com/)

3 comments:

  1. වැරැද්ද තියෙන්නේ පටු වාසියට , ගමේ හන්දියට ලයිට් එකක් දාගන්න , කොල්ලට ජොබ් එකක් ගන්න කතිරේ ගහපු / ගහන සියලු දෙනාගේ...

    අන්තිමට ගමට ලයිටුත් නැහැ , රටට වෙච්චි දේකුත් නැහැ.

    ReplyDelete
  2. වැරැද්ද සිස්ටම් එකේ. අපෙ මිනිස්සු වෙනස් වෙන්න අකැමැති කම. දේශපාලනේ කියන්නෙ උන්ගෙ රස්සාව කියල හිතන්නෙ නැති කම..

    ReplyDelete
  3. එයාල එනවා. අපි දෙනවා. එයාල යනවා. එයාල එනවා. අපි දෙනවා. එයාල යනවා.
    ඔන්න ඔය චක්‍රය තමයි තියෙන්නේ. ඒ අස්සේ මධ්‍යස්ථව, එයාල එනවා. පොර ටෝක් දෙනවා. අපි කනවා. අපේ උන් මැරෙනවා. එයාලට අපි දෙනවා. එයාල යනවා. ඔහොමත් වෙනවා.

    මේ දේ වෙනස් කරගන්න කාටවත් ඕනෙකමක් නෑ.. පැත්තකට වෙලා අපි මේ දේවල් දිහා බලාගෙන ලියනවා.
    :D

    Bora Diyaka Induwara

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...