සිරිපාලයා රස්සාවක් නැතිව ගමේ රස්තියාදු ගහපු එකෙක්.
ගමේ අයගෙ වතුවල පොල් කඩලා හම්බවෙන මුදලෙන් හවසට කසිප්පු වඩියක් ගහල බීඩියකුත් පත්තු කරගෙන ගම පුරා ගිය එකා.
පස්සෙ ටවුමට ගිහින් අවුරුද්දක් දෙකක් ඉඳල ආවා.
දියුණු වෙන්න මිනිහ කලේ ගමේ මිනිස්සුන්ව කොටවපු එක. වගාව ගැන එක එකාට ගතු කියලා.
ගුණේරිස් තමයි මුලින්ම විල්සන්ගෙ කුඹුරට හරක් යවල ඒක පාළු කළේ. ඊට පස්සෙ විල්සන් ගුණේරිස්ගෙ කුඹුර පාළු කලා. ඒකෙන් පටන් ගත්තු රණ්ඩුවෙන් මුළු ගමේම කුඹුරු ටික විනාස වුණා. එකාට එකා පෙන්නන්න බැරිවුණා.
ඔන්න ඊට පස්සෙ සිරිපාලය දැම්ම හාල් කඩයක්.
මිනිස්සුන්ටත් විකල්පයක් නැති නිසා සිරිපාලගෙ හාල් අරන් කෑවා.
දැන් ඌ සිරිපාල මුදලාලි. ලොකු බඩකුයි හිනාවකුයි එක්ක.
ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)
Friday, December 23, 2011
Friday, December 16, 2011
ඔයයි මමයි විනාඩි 1000යි!
ටෙලිෆෝන් කොම්පැණියෙන් විනාඩි දාහක් නොමිලේ දුන්න ගමන් මම ඒ පැකේජ් එක ඇක්ටිව් කළේ අපි ගැන හිතලා.
ඒ දවස්වල තිබුණ ලොකුම ප්රශ්ණෙ විනාඩි දාහක් අපිට ඇති වෙයිද කියන එක.
එක්සෙල් වල වගු ඇඳල ගණන් හදල මම එක එක කොම්පැණියෙන් දෙන පැකේජ්වල වෙනස්කම් හෙව්ව. අරකට වඩා මේක තමයි හොඳ, ඒකෙ SMS 50කුත් නිකං දෙනවා කිය කිය ඔයා අනිත් පැත්තට තර්ක කළා.
ඇත්තටම ඒ විනාඩි 1000 ඒ දවස්වල දැණුනෙවත් නැති තරම්...
..........
.......
දැන් කාලයක් ගෙවිල ගිහින්.
අද බිල ආවමයි දැක්කෙ පහුගිය මාසෙ නොමිලේ කතා නොකරපු විනාඩි 300කට වඩා ඉතිරි වෙලා කියල.
මොනව කරන්නද?

අන්තිමේ නිකං විනාඩි 1000ක් දෙන එකම අපට හොඳ වුණා.
ඇත්තටම ඒ විනාඩි 1000 ඒ දවස්වල දැණුනෙවත් නැති තරම්...
..........
.......
දැන් කාලයක් ගෙවිල ගිහින්.
අද බිල ආවමයි දැක්කෙ පහුගිය මාසෙ නොමිලේ කතා නොකරපු විනාඩි 300කට වඩා ඉතිරි වෙලා කියල.
මොනව කරන්නද?
Labels:
hare :-),
ආදරය,
ජීවිතය,
දුරකතන ඇමතුම
| රුචි අරුචි: |
Subscribe to:
Posts (Atom)