Thursday, December 16, 2010

අපි වෙන එකක් ගම්මු..

“දෙයියනේ ඔයා මොන සිහියෙන්ද හිටියේ, බීගත්තහම මේලෝකේ සිහියක් නැහැ. මගුල් මුද්ද අතින් වැටෙනවා නොදැනෙන්නම ඔයාගේ සිහිය විකල් වුනේ නැට්ටිච්චියෝ මහ ගානක් ඉන්න ඇතිනේ”

මහහඬින් කෑ ගසමින් හඬා වැටී ඒ තරහින්ම නින්දට වැටී සිටින සිය බිරිඳ දෙස, බිය රැඳි නෙතින් බලා සිටි ඔහු, මුහුදු වැලි රැඳුනු දෙපාත්, ඇඳ සිටි ඇඳුනුත් සමගම ඇය අසලින්ම වැතුරුනේය.

මහමුහුදේ ඝෝෂාව ඇසෙන්නට විය. දන්නා හඳුනන මුහුණු බොහොමයක් වෙරළේ විය. මළ සිරුරක් පොල් අත්තකින් වසා තිබේ.

“මුද්ද වැටිලානේ. එපා කියද්දි ඒක සොයන්න ගිහින්නේ”

පොල් අත්ත ඉවත් කෙරිණ.

“අනේ මගේ සමන්ත..........”

දහදියෙන් නැහැවී, බියෙන් වෙවුලමින් අවදිවූ ඇය, තිගැස්සී ඇහැරී සිටි ඔහු වෙත තුරුළු වූවාය.

“අපි වෙන එකක් ගම්මු.”

ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)

24 comments:

  1. පෙලගැස්ම උපරිමයි....

    ReplyDelete
  2. Harima lassanata liyala thiyanawa!great work...

    ReplyDelete
  3. හීනයක් කල සේවයක්.
    නියමයි අක්කෙ.

    ReplyDelete
  4. මරු අප්පා., නියමයි..!

    ReplyDelete
  5. ඒ කියන්නෙ වහාම ක්‍රියාත්මක වන පරිදි මත්පැන් පානයට සහ නැට්ටිච්චියන් සමඟ ගනුදෙනු වලට පනවා ඇති තහනම ඉවත් කර ගන්නා බවද?

    අම්මපා, මෙහෙම හීන අපේ හාමිනේලට පෙනෙන්නෙ නැති එක තමයි මට තියෙන කණගාටුව,

    ReplyDelete
  6. සුපිරි!

    කාන්තාවන්ට ඔහොම හීනෙන් හරි මොලේ පෑදෙන එක නං ලොකු දෙයක් ඈ.... ;P

    ReplyDelete
  7. සියක් ආයු ලැබ......... මගෙත් ආයු ගෙන......... මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!! කියලා කියන්නේ නැහැ‍.........

    සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු.............. සංසාරෙන් අපි සමු ගන්නා දා ඒ ගමනත් අපි එකට යමු......... කියලා හැමදාමත් කියන්නම්...................


    ඔයාට සුභ උපන් දිනයක් වේවා!!!!!!!!!!!!!!!

    මේ සියය හරි නම් පළ වෙන්න තිබුනේ ඊයේලු. අපේ සියක් පිරිවරට පිං සිදුවන්නට අද දවසට පළ වෙන විදිහට හදලා දුන්නා. පසුව පළ වෙන්න තිබුනා නං අදට දාලා දෙන්න කියලා කියන්නේ නැහැ මම. කොහොම වුනත් බොහොම සතුටුයි. අදහස් පළ කල ඔබ හැමට ස්තුතියි.

    ReplyDelete
  8. ඔන්න අපෙනුත් සුබ පැතුමක්.. නිකං බොරුවට නාහෙන් අඬන්නේ නැතුව යථාර්තය තේරුම් ගන්නවානම් බොහොමයක් සම්බන්ධතා කැඩෙන්නෙ නැතිවෙයි.. නියමයි රන්දිල්..

    ReplyDelete
  9. ස්තුතියි ආගන්තුකයා.............

    ReplyDelete
  10. නියමයි . . !
    බොක්කට වදින්න ලියලා තියෙනවා

    ReplyDelete
  11. "කාන්තාවන්ට ඔහොම හීනෙන් හරි මොලේ පෑදෙන එක නං ලොකු දෙයක් ඈ.... "

    හරේ . .

    මේකත් පට්ටයි ඕයි ..

    ReplyDelete
  12. නියෑමයි..............!!

    ReplyDelete
  13. මරු ලස්සනටම ලියලා

    ReplyDelete
  14. සිරා පහර

    ReplyDelete
  15. මාරම මාරයි කියල වැඩක් නෑ සංකල්පනාව!!

    ReplyDelete
  16. මරුවට ලියලා ලස්සනයි..

    ReplyDelete
  17. අදහස් දැක්වූ ඔබ සැමට මාගේ ප්‍රණාමය !!! නැවතත්. මෙය ලියන්න හිටියේ කෙටි කථාවක් වගේ. සියක් පිරිවරේ මේ අදහසට මේ කථාව ගොනු කරගත්තා කොහොම හරි. ස්තුතියි නැවතත්....

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...